මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ගම්මිරිස්වලට භූගෝලීය දර්ශක සහතිකයක් ලබාගන්නවා - රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

    සැප්තැම්බර් 03, 2020

    ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ගම්මිරිස් ඉතාමත් හොඳ තත්වයේ ගම්මිරිස් බවට වන ''භූගෝලීය දර්ශක සහතිකය'' (GI certificate) ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් සම්බන්ධ කුඩා වැවිලි බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි.

    රජයේ නිල වෙබ් අඩවිය වන news.lk සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

    ඉකුත් රජය සමයේ වියට්නාමය වැනි රටවලින් ගම්මිරිස් ගෙන්වා මෙරට ගම්මිරිස් හා මුසු කොට ප්‍රති අපනයනය කිරීම හරහා දිගු කලක් මෙරට ගම්මිරිස්වලට තිබූ කීර්ති නාමය විනාශ වූ බවත්, ඒ හරහා ගම්මිරිස් අපනයනයට බාධා එල්ල වූ අතර ගම්මිරිස් මිළ ඉතා පහළට වැටුනු බවත්, නැවත වතාවක් එය සිදු වීමට තමා කිසිවිටකත් ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව මෙරට ගම්මිරිස් හොඳම තත්වයේ ඒවා බවට ලෝකයට සහතිකයක් දීමට මෙම ජී අයි සහතිකය යොදා ගන්නා බවත් මීට අමතරව මෙරටින් අපනයනය කරන සෑම ගම්මිරිස් තොගයකටම තත්ත්ව සහතිකයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් පැවසිය.

    ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ බොහෝවිට අන්තර්ජාකිත මට්ටමේ භාණ්ඩ වෙළඳාමේදී තත්ව සහතිකය නොමැතිව භාණ්ඩ ගැනීමට බොහෝ දෙනා මැළිකමක් දක්වන හෙයින් මෙරට ගම්මිරිස් හොඳම තත්වයේ ඒවා බව සනාථ කරමින් මෙම තත්ව සහතිකය නිකුත් කරන්නේ මෙරට ගම්මිරිස්වලට ජාත්‍යන්තර වෙළඳපොළේ ඇති මිළ ප්‍රමාණය ඉහළ දමාගැනීමට බවයි. ඒ අනුව ඉදිරියේදී ගම්මිරිස්වලට කලක් තිස්සේ තිබූ කීර්ති නාමය නැවත ඇතිකරගැනීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ගම්මිරිස් විදේශගත කිරීම සම්බන්ධයෙන් අප විමසූ විට එයට පිළිතුරු දෙමින් ජනක වක්කුඹුර මහතා පැවසුවේ අගය එකතුකළ නිෂ්පාදනයක් ලෙස ගම්මිරිස් අපනයනය කිරීම වෙනුවෙන් කර්මාන්තශාලා 10ක් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉදිරි මාස 06 ඇතුළත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

    මෙරට ගම්මිරිස්වලින් තෙල් නිෂ්පාදනය කර විදේශ රටවලට යැවීමට පමණක් මෙට්‍රික් ටොන් 26,000ක් අවශ්‍ය වන බවත් මේ වන විට සමස්ත නිෂ්පාදනයම වන්නේ මෙට්‍රික් ටොන් 22,000ක් පමණක් බවත්, එම නිසා විදේශ අනායනයට අවශ්‍ය සම්පූර්ණ ඉල්ලුමට සරිලන ලෙස අලුතෙන් ගම්මිරිස් වගාවන් ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya