ශ්‍රි ලංකාවේ ප්‍රවාහන සේවාව සතු ගුණාත්මකභාවය ඉහල නැංවීම සදහා ඉන්දුනීසියානු ආයෝජන ප්‍රවර්ධනය කිරිමේ හැකියාව පිළිබදව ඉන්දුනීසියානු රජයෙන් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා හා තනාපතිතුමා අතර සාකච්ඡා පැවැත්වීය.
තවද ශ්‍රි ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකා රජය සමත්වීම පිළිබදව ඉන්දුනීසියානු රජයේ ප්‍රශංසාවද ශ්‍රි ලංකා රජය වෙත තනාපතිතුමන් විසින් පළ කරන ලදී.
මෙම අවස්ථාවට වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් එස්.එම්.එල්.කේ. අල්විස් මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ස්වර්ණා ද සිල්වා මහත්මිය, ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් රෂිඩ් මහුමුඩීන් මහතා ( Rasyid Mahmuddin) සහ දෙවන ලේකම් නූර් ෆිට්රියා (Nur Fitria) මහත්මියද සහභාගි විය.