රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා මේ බව පැවසුවේ පසුගිය ( 29) වනදා B කලාපයට අයත් අනුරාධපුරය එප්පාවල ප්‍රදේශයේ සෝයා බෝංචි වගා නිරික්ෂණයකට සහභාගි වෙමිනි.
ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීම සඳහා මහවැලි ජනපදිකයන් සමඟ අලුත් වැඩපිළිවෙළක් සකසා ඇති බවද අමාත්‍යවරයා සිහිගැන්වූයේය.
පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ, වගා කර ඇති මෙම සොයා බෝංචි වගාව නිරික්ෂණය සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා සමඟ ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු ඩබ්ලියු. බී. පළුගස්වැව මහතා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස් පෙරේරා මහතා,ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සෝයා බෝංචි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 250,000 කි. එහෙත් රට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 12,000 කි. එයින් ද 80% මහවැලි H කලාපයේ නිෂ්පාදනය කරයි.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පෙන්වා දෙන්නේ නිවැරැදි දැක්මක් යටතේ ක්‍රියා කළ හොත්, රටට අවශ්‍ය සෝයා බෝංචි අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කරගැනීම ට, හැකිවන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වාරිමාර්ග අමාත්‍යා චමල් රාජපක්ෂ මහතා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
අත්‍යාවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට, රජය ගත් පියවර අතිශය වැදගත් තීන්දුවක් බවත් ආහාර ද්‍රව්‍ය දහසයක් ආනයනය අත්හිටුවීම දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් පියවරක් බවත් සිරිපාල ගමලත් මහතා සඳහන් කළේ ය. මේ අතර සෝයා බෝංචි වගාව නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍ය වරු පිරිස, එම සෝයා බෝංචි වගාව නෙළීමටද එක් වූහ.