දේශීය මෙන්ම විදේශීය රැකියා ඉලක්ක කර සිදුකළ යුතු පුහුණු පාඨමාලා හදුනාගෙන ඒ සදහා වැඩි අවධානයක් යොමු කර අමාත්‍යාංශ දෙක තුළම තිබෙන සම්පත් උපයෝගී කරගෙන පුහුණු වැඩසටහන් දියත් කිරීම වඩා ඵලදායී බව සාකච්ඡා කෙරිණි.
ගෝලීය රැකියා වෙළදපොලට සරිලන පරිදි සපුරා ගත යුතු සුදුසුකම් හා ඒ සදහා තෝරාගතයුතු පාඨමාලා පිළිබද නිවැරදි උපදේශනයක් හා මාර්ගයන් පිළිබද තරුණ දරුවන් දැනුවත් කිරීමට යොවුන් සේනාංක වැඩමුළු වඩාත් උචිත බවත්, තරුණ තරුණියන්ට අනාගතේ හොද රැකියා අවස්ථාවන් කරා යොමුවීමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කර දීමත් මෙම අමාත්‍යාංශ දෙකෙහිම වගකීම බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන ලදි.
වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන්ගේ තොරතුරු පරිගණක ගත කොට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ව්‍යාපෘති සදහා පැමිණෙන ආයෝජකයන්ට එම දත්ත පද්ධතිය වෙත පිවිසීමට අවසර ලබා දී ඔවුන් ව්‍යාපෘතිය සදහා ආයෝජනය කරන ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රැකියා අවස්ථාවන් විවර කරදීමේ පහසු ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යාංශ දෙකේම අවධානය යොමු වූ අතර, ඒ සදහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා අමාත්‍යාංශ ලේකම්වරු හට උපදෙස් ලබා දෙන ලදි.