ශ්‍රී ලංකාවේ පොතුවිල් - සංගමන් කන්ද ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් 38 ක් පමණ නැගෙනහිර ප්‍රදේශයට වන්නට ඉරාකයේ සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් පැවති පැනමා ධජය සහිත තෙල් නෞකාවක් හදිසි තත්ත්වයක් යටතේ ගිනි ගැනීමට ලක්වීම නිසා ඒ පිලිබඳ දැනුම්දුන් අවස්ථාවේ සිට මේ දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව හා ගුවන් හමුදාව හදිසි අවස්ථාව සම්බන්ධව ක්‍රියාකරන්නට කටයුතු කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම පිළිබඳව නව තොරතුරු පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මධ්‍ය සාකඡාවේ දී ය.
එම නෞකාවේ සිටී මඟින් වෙනත් නෞකාවකට රැගෙන ගොස් ඇති අතර එන්ජින් අක්‍රියව පවතින නිසා අද මධ්‍යහ්නය වන විටත් එය ශ්‍රී ලංකාව දෙසට පාවෙමින් තිබුණු බවත්, එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවට සමාන්තරව මුහුදුසැතපුම් 22 ක් දුරින් දකුණු මුහුදට පාවෙමින් ඇති බවත් එමහතා ප්‍රකාශ කළේය.
මේ වන විටත් ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් නෞකාවේ ගිනිගත් ප්‍රදේශ පාලනයට කටයුතු කරමින් ගින්න නිවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත්, ඉන්දියානු නාවික සහ වෙරළ ආරක්ෂක කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට වෙරළ ආරක්ෂක කණ්ඩායම් ද ඊයේ දින සිට පැමිණ මෙම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, නෞකාව තුළ ඇති මෙට්‍රික් ටොන් දෙලක්‍ෂ 70,000 කට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් පවතින අතර අවශ්‍යතාවය අනුව ඉන්දියාවේ සහ වෙනත් රටවල් වල සහාය ද මේ සම්බන්ධව ලැබී ඇති බවත්, නෞකාව ලංකාව දෙසට පැමිණීම වැලක්වීමට ගතයුතු ක්‍රියාමාර්ගත්, යම්කිසි ආකාරයකින් නෞකාව තුළ පවතින තෙල් පිටතට ගලා යාමක් වුවහොත් ඒවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට නොපැමිණෙන ආකාරයට ගතයුතු අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග,පියවරව ගෙන තිබෙන බවත් ඒ මහතා විශේෂයෙන් අවධාරණය කළේය.