රජයේ නිල වෙබ් අඩවිය news.lk සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
මේ වන විට ඉහත සඳහන් කළ විශේෂිත අපරාධකරුවන් අධීක්ෂණය කරන්නේ කෙසේද යන්නත් ඒ සඳහා යොදාගන්න උපායමාර්ග කෙසේද යන්නත් සාකච්ඡා කරමින් සිටින බවත්, නුදුරේදීම මෙම කටයුත්ත පටන් ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීමේ අවධානමක් පවතින සමාජවල සිටින දරුවන් සම්බන්ධයෙන් කිසියම් අධීක්ෂණයක් කරන්නේ ද යන්න news.lk විමසු විට අමාත්‍යවරිය පැවසුවේ පසුකාලීනව අපරාධකරුවන් වන බොහෝ දෙනා කුඩාකළ අපරාධවල ගොදුරු බවට පත්ව සිටින අය බවත්, කුඩා දරුවන් අපරාධවල ගොදුරු වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත්ය.