මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ලුණු අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම සැපයීම ඉදිරි පස් වසරේ මාන්තායි ලුණු සමාගමේ ඉලක්කය විය යුතුයි

    සැප්තැම්බර් 06, 2020

     

    දේශීය ලුණු අවශ්‍යතාව සම්පුර්ණයෙන්ම සැපයීම ඉදිරි පස් වසරේ මාන්තායි ලුණු සමාගමේ ඉලක්කය විය යුතු බව කර්මාන්ත ඇමති වමල් වීරවංශ මහතා පවසයි.

    (04) දිනයේ දී මාන්තායි ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් සමග සිය අමාත්‍යාංශයේදී පැවති සාකච්කජාවකදී ඇමතිවරයා මේ පිළිබඳව අවධාරණය කළේය.

    රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.

    දේශීය ලුණු නිෂ්පාදනය වැඩි කිරීම සමග නව ලුණු මුලාශ්‍ර හදුනාගැනීමට සහ දැනට හදුනාගෙන ඇති ලේවායන් ආශ්‍රිතව වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කළ හැකි නවීන තාක්ෂණික ක්‍රම පිළිබද අවබෝධය ලබා ගැනීමට විශ්ව විද්‍යාල සහ පර්යේෂණ කණ්ඩායම් යොදා ගනිමින් පරික්ෂණයන් සිදු කිරීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පෙන්වා දෙන ලදි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ඉදිරි වසර 5 තුළ දේශීය ලුණු අවශ්‍යතාව සැපයීමට හැකිවන ලෙස මාන්තායි ලුණු සමාගම තම ඉලක්කය සකසා ගැනීම සිදු කළ යුතු බව ය.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්‍ය උපදේශකවරු වන සුනිල් හෙට්ටිආරච්චි, සුදේශ් නන්දසිරි, මාන්තායි ලුණු සමාගමේ සභාපති එච්. ජී. විජේතුංග, සාමාන්‍යාධිකාරි එම්.අයි.ටී මන්සිල් ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
    ඇට්ටච්මෙන්ට්ස් අරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya