කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. හෙට (07) දින දහවල් 12:08 ට ගිංතොට, ගල්වෙලවත්ත, ගල්ලෑල්ල, අතුරලිය සහ කහඳමෝදර ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.