මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    පල්ලන්සේන බන්ධනාගාර වැඩ කඳවුර නිරීක්ෂණයට

    සැප්තැම්බර් 07, 2020

    දළපොත පල්ලන්සේන බන්ධනාගාර වැඩ කඳවුර මධ්‍යස්ථානයෙහි අලුතින් 1500ක පමණ පිරිසක් රදවා තැබිය හැකි පරිදි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට කටයුතු කරන ලෙසත් එය මසක් ඇතුළත අවසන් කර මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට හැකිවන පරිදි හෝ අවට බන්ධනාගාරවල දැනට පවතින තදබදයට පිළියමක් ලෙස භාවිතා කිරීමට හැකිවන පරිදි සකස් කිරීමට කටයුතු කරන ලෙසත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  නියෝග කරන ලදී.


    ඒ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවලට යොමුකෙරෙන රිමාන්ඩ් රැදවියන් කොරෝනා තත්වය යටතේ නිරෝධායනය සදහා යොමුකෙරන දළපොත පල්ලන්සේන බන්ධනාගාරය හදිසියේ නිරීක්ෂණයට ලක්කිරීමට එහි ගිය අවස්ථාවේදීය.

    අක්කර 37ක භූමිප්‍රමාණයකට හිමිකම් ඇති මෙහි වැඩකදවුරක් ලෙස කර්මාන්ත 8ක් පවත්වා ගෙන ගියද මේවන විට බේකරි සහ වගා අංශයන් හැර සෙසු අංශ අකර්මණ්‍යවී ඇත. මසකට ලක්ෂ 20ක පමණ ආදායමක් උපයාගත හැකිව පවතින කර්මාන්ත අංශය නැවත සක්‍රිය කිරීම කෙරෙහි අවධානය යොමුකල රාජ්‍ය ඇමතිනිය ඒ සදහා වැඩපිළිවෙලක් සකස්කර අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. වඩුවැඩ, පේෂ කර්මාන්ත, කොහු ඉදල්, කොහු මෝල, මැහුම්, කම්මල්, බේකරි සහ වගා අංශයන් මෙහි සිදුකිරීමට ඇති හැකියාව පිළිබදව රාජ්‍ය ඇමතිනිය මෙහිදී අවධානය යොමු කළාය.

    තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයක් ලෙස පවතින පල්ලන්සේන බන්ධනාගාරය කොරෝනා තත්වය යටතේ රැදවියන්ගේ නිරෝධායන කටයුතු සදහා ප්‍රමුඛතාවය දෙන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. මේවන විට රැදවියන් 236 දෙනෙකු මෙහි නිරෝධායනය වෙමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya