මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර

    සැප්තැම්බර් 07, 2020

    ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සදහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය.


    භාණ්ඩ අපනයනය විධිමත් කිරීම හා අපනයනකරුවන් මුහුනදෙන ගැටළු වලට විසදුම් ලබා දීම සදහා පැවති සාතච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සංචාරක අමාත්‍යාංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි. රාජ්‍ය ඇමති ඩි.වි.චානක මහතා සමග අපනයනකරුවන්, ගුවන් හමුදා බලධාරීන් හා ගුවන් තොටුපළ බළධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


    අපනයනකරුවන් මෙහි දී පෙන්වා දුන්නේ කටුනායක ගුවන්තොටුපළට පිවිසෙන විට භාණ්ඩ පරීක්ෂාව ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට නම් එහි ස්කෑනරු යන්ත්‍ර සවි කරළ යුතු බවයි. අධි ශීත භාණ්ඩ පැය ගණනකට පෙර ගෙන ඒම හේතුවෙන් භාණ්ඩ වල ගුණාත්මකභාවයට හානි සිදු වන බව ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ. එමෙන්ම මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන්ට විශාල ලෙස පාඩු සිදුවන බව ද අපනයනකරුවෝ මෙහි දී ඇමතිවරයාට පැමිණිලි කළහ.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා රේගුව, ගුවන් හමුදාව, ගුවන් සමාගම් හා අපනයනකරුවන් අතර වට මේස සාකච්ඡාවක් කැදවා වහාම මෙම ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙසය. දැනට ගුවන් මගින් භාණ්ඩ අපනයනයට පෙර ස්ථාන දෙකක දී පරීක්ෂාවට ලක්වේ. ඒ ගුවන් තොටුපළට ප්‍රවේශ වන ස්ථානයේ දි හා ගුවන් තොටුපළට භාණ්ඩ පැටවීමට පෙරයි. මෙම ස්ථාන දෙකට අවශ්‍ය නිළධාරීන් යොදවා එහි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඇමතිවරයා මෙහි දී අදාළ අංශ වලට උපදෙස් දුන්නේය.

    පසුගිය වසරේ දී කටුනායක ගුවන් තොටුපළ මගින් මෙට්‍රික් ටොන් දෙලක්ෂහැටඑක්දහසක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක්ම අපනයන භාණ්ඩ මෙහෙයුම් වේ. භාණ්ඩ මෙට්‍රික් ටොන් හැටදහසක් ආනයනය කර ඇති අතර භාණ්ඩ හුවමාරු මෙහෙයුම් සිදු ව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැත්තෑපන්දහසක් පමණක් වේ.

    කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ගුවන් තොටුපළ මගින් මෙහෙයුම් නතර කෙරුණ ද භාණ්ඩ අපනයනය හා ආනයන මෙහෙයුම් ඉතා කඩිනමින් ආරම්භ කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් වසංගත කාලය තුළ ද අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්ම වූ බවයි. 2019 ජුලි මාසය හා සැසදීමේ දී පසුගිය ජුලි මාසයේ දි මෙරට භාණ්ඩ අපනයන ආදායම 11.31% ක වර්ධනයක් ලබා ඇත. ඇමතිවරයා මෙහි දී අවධාරණය කළේ මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීම බවයි. ඒ සදහා රජය අවශ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කරන බව ද ඇමතිවරයා මෙහි දී අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya