මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 815ක් අත්අඩංගුවට

    සැප්තැම්බර් 07, 2020

    නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) ඊයේ ( 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

     

    නාවික හමුදාව සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරන ලද ගෝනි මලු 30 ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 815 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය. එහිදී අදාළ සැකකරුවන් සමඟ කුඩා ලොරි රථයක්ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

     

    මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 31 ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අදාළ සැකකරුවන්, වියලි කහ තොගය සහ කුඩා ලොරි රථය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කල්පිටිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya