මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    මිලියන 50ක් වටිනා PCR සහ VTM උපකරණ කට්ටල පරිත්‍යාගයක්

    සැප්තැම්බර් 07, 2020

    ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ කොකාකෝලා සමාගම එක්ව PCR පරීක්ෂණ කට්ටල 16,800ක් හා VTM 17, 000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කළේය.

     

    රුපියල් මිලියන 50ක් වටිනා එම උපකරණ තොගය සංඛ්තාත්මකව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම අරලියගහ මන්දිරයේදී සිදු විය.

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල යොමු කිරීමට නියමිතය. කොකා කෝලා සමාගම කොවිඩ් 19 වයිරසය තුරන් කිරීම සඳහා රුපියල් මිලියන 130ක පරිත්‍යාගයන් කර තිබේ.
    මෙම අවස්ථාව සඳහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ මහජන සබඳතා අධ්‍යක්ෂ, ලක්ෂාන් මධුරසිංහ, කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මයන්ක් අරෝරා, කොකා-කෝලා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පංකජ් සිංහා සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර යන මහත්වරු එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya