තම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කටයුතු පසුගිය දා (04) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රමුඛ එම මණ්ඩලයේ නිලධාරීන් හමුවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉදිරියේදී තවත් පුළුල් කිරීමට තුළින් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ දැනට නොලබන පිරිස මෙම යෝජනාක්‍රම සඳහා ඉදිරියේදී සම්බන්ධ කරගැනීම තුළින් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රතිලාභ බහුතර පිරිසකට උරුම කරදීමේ හැකියාව වර්ධනය කළයුතු බවත්, සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන වැඩසටහන අනුව සමාජ ආරක්ෂණ මණ්ඩලය මහා භාණ්ඩාගාරයට බරක් නොවන, ජනතාවට වඩා සේවයක් සපයන ආයතනයක් බවට පත්කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.
අමාත්‍යාංශයේ ලේකම් එච්.කේ.ඩී.ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න, අතිරේක ලේකම් අතිරේක ලේකම් නිමල් කොටවලගෙදර සහ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කතිකාචාර්ය සමන් හදරාගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.