මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    සැප්තැම්බර් 07, 2020

    ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 07 දින පැවසීය.

    ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගම වන එච්.සී.එල් (HCL) ටෙක්නොලොජීස් හි පළමු ගෝලීය බෙදාහැරීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයේදී මේ බව අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ කතාව මෙසේය,

    එච්.සී.එල් ටෙක්නොලොජීස් සිය පළමු ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට ඔබ හා එක්වීමට ලැබීම මහත් සතුටක්. ජාතියක් වශයෙන්, එච්.සී.එල් වැනි බහුජාතික තාක්‍ෂණික දැවැන්තයෙකු පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. එපමණක් නොව, මෙම මධ්‍යස්ථානය අපගේ තරුණ තරුණියන්ට ලබා දෙන අවස්ථාවන්ට ස්තූතිවන්ත වෙමි.

    ඔබ දන්නා පරිදි, නව රජය දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් සමාජයක් ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයට ප්‍රමුඛතාවය දී තිබෙනවා.

    අපගේ දැක්ම ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල්කරණ ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටී.

    එවැනි පසුබිමක අද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භවීම විශාල වැදගත්කමක් දරනවා. එච්.සී.එල්. ටෙක්නොලොජීස් වැනි ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රමුඛයෙකු ශ්‍රී ලංකාවට සම්පතක්. ශ්‍රී ලංකාව “නැවත ව්‍යාපාරයට” පැමිණ ඇති බව මුළු ලෝකයටම එය ප්‍රබල පණිවිඩයක්.

    එච්.සී.එල්. ටෙක්නොලොජීස් හි කළමනාකාරිත්වයට සුබ පැතීමට සහ මෙම වැදගත් උත්සාහය සඳහා මාගේ සුබ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක, එච්.සී.එල්. නිර්මාතෘ ශිව් නාඩාර්, එච්.සී.එල්. සභාපති හා විධායක නිලධාරී විජයි කුමාර්, මහත්වරු හා ලොව පුරා විසිරී සිටින එච්.සී.එල්. ටෙක්නොලොජීස් හි විධායක නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya