ඒ අනූව මෙතෙක් රුපියල් 20.50 ක් වූ රතු බිත්තරයක් අද සිට රුපියල් 18.50ක ට ද, රුපියල් 19.50 ක් වූ සුදු බිත්තරයක් රුපියල් 18කට ද අළෙවි කෙරෙනු ඇත.
පසුගිය සති කිහිපය තුළ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, ඒ සම්බන්ධව සමස්ථ ලංකා බිත්තර ව්‍යාපාරිකයින්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදන සංගමය සමඟ නව රාජ්‍ය අමාත්‍යතුමා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වු අතර එහිදි මෙම මිල ඉහළ යාමට හේතු ලෙස ඔවුන් පෙන්වා දුන්නේ කුකුල් ආහාර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිරිවැය ඉහල යාම බවයි.
තවද ලංකාවේ කොවිඩ් 19 වසංගතය පැවැති කාලවල බිත්තර මිල සීග්‍රයෙන් පහළ යාම නිසා, බිත්තරයක මිලට වඩා බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් මව් සතුන් විකුණා දැමු බවයි. කොවිඩ් 19 පාලනය වු පසු නැවත බිත්තර නිෂ්පාදන කිරිම සඳහා මව් සතුන් ආනයනය කිරිමට සිදුවු නිසා එමඟින් බිත්තර නිෂ්පාදනය අඩුවීමත් හේතුවෙන් බිත්තර මිල ඉහළ ගිය බවයි.
මෙහිදි රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පෙන්වා දුන්නේ වර්තමානය වන විට බිත්තරයක නිෂ්පාදන පිරිවැය රු. 14.50 පමණ බවයි. ඒ අනුව බිත්තර ව්‍යාපාරිකක සංගමය බිත්තර මිල පහත
නොදැමුවහොත් එයට විකල්පයක් ලෙස මව් සතුන් ආනයනය කර නව බිත්තර ව්‍යාපාරිකයින් මෙම කේෂ්ත්‍රයට එක්කර බිත්තර මිල පහත හෙළීමට පියවර ගන්නා බවයි.
ඉන් අනතුරුව බිත්තර ව්‍යාපාරික සංගමය ඊයේ දින අග්‍රාමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර අද දින සිට බිත්තරයක මිල රු. 2 කින් අඩු කිරිමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. බිත්තර නිශ්පාදකයා රු .1.50 කින් සහ බිත්තර ව්‍යාපාරිකයින් ශත 50 කින් ලෙසත් මෙම අඩු කිරිම සිදු කර ඇත.
රාජ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳව අදාළ සංගම් සමඟ ඉදිරියට සාකච්ඡා කර තව දුරටත් බිත්තර මිල අඩු කිරිමට කටයුතු කරන බව පැවැසීය.