මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීම අද ආරම්භ වේ

    සැප්තැම්බර් 08, 2020

     

    කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ජනපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙසින් අද (08) දින ආරම්භ වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ පැරණි ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය කිරීම යළිත් ආරම්භ වේ. ඒ යටතේ කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිංස්කරණය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද (08) දින පෙ.ව 08.30 ට ගෆූර් ගොඩනැගිල්ල පිහිටි ස්ථානයෙන් ආරම්භ කිරිමට නියමිතයි.

    එවකට නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතා 2012 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2015 න් පසු අතරමඟ ඇනහිට තිබූ ව්‍යාපෘතියකි. මිලියන 620 ක වියදමකින් නැවත මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වෙයි.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු (08)දින ආරම්භ කිරිමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya