මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ නගරයේ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට විසදුම් ලබා දීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

    සැප්තැම්බර් 08, 2020

    කොළඹ නගරයේ හදුනාගත් ස්ථානවල පවතින රථවාහන තදබදයට කඩිනම් විසදුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ (06) ගම්පහ, ඉඹුල්ගොඩ චිත්‍ර මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

    ඒ අනුව දුම්රිය හරස් මාර්ග ඇති කොළඹ බාලදක්ෂ මාවත, අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත යන ස්ථාන වල පවතින අධික මාර්ග තදබදය වැලැක්වීමට ගුවන් පාලම් ඉදිකීරිමට කටයුතු කරනවා. කොහුවල නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම කැලණි පාලම අසල සිට රාජගිරිය දක්වා කිලෝ මීටර් 6 ක පමන දුරක් ගුවන් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරනවා. එමගින් කොළඹ වාණිජ නගරයට පැමිණෙන ජනතාව මුහුන පා ඇති රථවාහන තදබදයට විසදුම් ලබා දීම රජයේ අරමුණයි.


    2015 න් පසු නැවතුනු සංවර්ධනය යළි ආරම්භ කිරීමට වත්මන් රජය කටයුතු යොදා තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය හා කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ අධිවේගී මාර්ගයන් 2024 වන විට අවසන් කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග ඇතුලු සියලුම මාර්ග පද්ධතිය ඉදිරි වසර හතරක කාලය තුල කාපට් අතුරා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya