මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    තේ කර්මාන්ත සංවර්ධනය පැතිකඩ කිහිපයකින්- යෝජනා රැසක් ජනපති විමසුමට

    සැප්තැම්බර් 08, 2020

     


     පාඩු ලබන වතු සමාගම් ප්‍රතිව්‍යුහකරණයට ...
     ඉහළ ඵලදායිතාවක් සඳහා නැවත වගාවට ප්‍රමුඛත්වය ...
     තේ පර්යේෂණ නව මගකට ...


    බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළයුතු යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. කර්මාන්තයේ බිද වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා තිබූ ඉහල ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටී.


    සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.


    ප්‍රධාන වතු සමාගම් 20න් 10ක් අක්‍රීයව ඇත. කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇතැයි අනාවරණය කෙරිණ. පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමට තීරණය කෙරිණ.

    මාර්ග, රෝහල්, පාසල් සහ සනීපාරක්ෂාව ඇතුළු යටිතල පහසුකම් රජයේ මෙහෙයවීමෙන් සම්පාදනය කොට තිබියදී වතු සමාගම් පාඩු ලැබීම ගැඹුරින් විමර්ශණය කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය . ඉහළ අස්වැන්නක් සඳහා තේ වතු ප්‍රතිසංස්කරණය කොට නැවත වගාව ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    තේ පැල අස්වනු නෙළන තෙක් වගාකරුවන්ට ස්වයං රැකියාවක හෝ වෙනත් ජීවනෝපායක හෝ නිරතවීමට සහන සැලසීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
    තේ පිළිබඳ නව පර්යේෂණවල සොයා ගැනීම් ප්‍රයෝජනයට නොගැනීම කර්මාන්තයේ පසුබැසීමට හේතු වී ඇති බව ප්‍රවීණයන්ගේ අදහස විය. පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය දෙමින් නව වෙළෙඳපොළ හඹා යෑමේ අවශ්‍යතාව ඔව්හු පෙන්වා දුන්හ. ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති Bio Tea (ජෛව තේ) කර්මාන්තය ව්‍යාප්ත කරමින් ලාභ ඉපැයීමේ හැකියාව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. වැවිලි කළමනාකරණ සහ නිරීක්ෂණ අංශය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතය හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ දී රජය ගත් තීරණ හේතුවෙන් හාරලක්ෂ විසි එක් දහසකට ආසන්න කුඩා තේ වතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේ වතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළහ.

    අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ, වතු නියෝජිතයෝ සහ තේ වැවිලිකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya