පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ය.
මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාඨක පැළඳ සිය විරෝධය පල කළේ ය.
එම විරෝධතා දැක්වීම පදනමක් නොමැති බවත් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකුට, මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ඉල්ලා සිට ඇති බවත් ඒ සඳහා කතානායකවරයා අවස්ථාව සළසා තිබෙන බවත් එයට විරෝධය දැක්වීමට නොහැකි බවත් සභානායකවරයා සිය අඳහස් දක්වමින් පැවසීය