මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍යාංශයීය උපදේශක කරක සභා 28ක් පත් කරයි

    සැප්තැම්බර් 08, 2020

    අමාත්‍යාංශයීය උපදේශක කරක සභා 28ක් පත් කෙරේ.

    මෙම යෝජනාව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ඒ අනුව;ආරක්ෂක කටයුතු,මුදල් පිළිබඳ,බුද්ධ ශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු,නාගරික සංවර්ධන හා නිවස,අධිකරණ,විදේශ කටයුතු,රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන,සෞඛ්‍ය,කම්කරු,පරිසර,වනජීවී හා වන සංරක්ෂණ,කෘෂිකර්ම,වාරිමාර්ග, ඉඩම්, ධීවර, වැවිලි,ජල සම්පාදන,විදුලිබල,බලශක්ති,වරාය හා නාවික කටයුතු,මහාමාර්ග,ප්‍රවාහන,තරුණ හා  ක්‍රීඩ, සංචාරක, වෙළඳ කටයුතු, කර්මාන්ත, ජනමාධ්‍ය යන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කර තිබේ.

     

    මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස එම අමාත්‍යාංශවල අමාත්‍යවරයා කටයුතු කරන අතර, රාජ්‍ය අමාත්‍යවරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා, සහ තේරිම් කාරක සභාව විසින් නම් කරන වෙනත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් කාරක සභාව සමන්විත වෙයි.

    එක් එක් උපදේශක කාරක සභාවේ ගණපූර්ණය සාමාජික මන්ත්‍රීවරයන් 03 දෙනෙකුගෙන් සංයුක්ත විය යුතුය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya