මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    මහ බැංකුවේ 70 වන වාර්ෂික වාර්තාව සහ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක්

    සැප්තැම්බර් 08, 2020

    මහ බැංකුවේ 70 වන වාර්ෂික වාර්තාව සහ මුදල් අමාත්‍යංශය විසින් සකස් කළ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයක් අද (8) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.


    සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් සභාවට ඉදිරිපත් කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් පැවසුවේ 2015 - 2019 කාලය තුළ ආර්ථිකය පසුබෑමට ලක්ව ඇති මෙම වාර්තාව අධ්‍යනය කිරීම මගින් ඒ පිළිබඳ විද්‍යාත්මක අවබෝධයක් ලබා ගත හැකි බවයි.

    එමෙන්ම ඉදිරි වසර වලදී අප වඩාත් අවධානයට ලක් කළ යුතු අංශ සහ දිනාගත යුතු සර්ව ආර්ථික ඉලක්ක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වාර්තාව උපයෝගී කර ගත හැකි බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya