මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබියදීත් දහ නව වන සශෝධනය ඉවත් නොකළහොත් එය ජනතාවට ද්‍රෝහී වීමක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    සැප්තැම්බර් 08, 2020

    ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී තිබියදීත් දහනව වන සශෝධනය ඉවත් නොකළහොත් එය ජනතාවට ද්‍රෝහී වීමක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා අද (08) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

    නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම නීති ක්ෂේත්‍ර යේ සුභවාදී අදහස් සමගින් නව ව්‍යවස්ථා සංශෝධනය ගෙනා බවත් ඒ සඳහා ඕනෑම අයෙකුට අධිකරණයට යාමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා කීය. ව්‍යවස්ථානුකූලව මෙන්ම ප්‍රජාත්‍රන්තවාදී ව අධිකරණයට හේතු දැක්වීමට මෙන්ම අර්ථකථන ලබා ගැනීමට දින හතක් ඇතුළත හැකියාව පවතින බවත් ආණ්ඩුව එම අයිතියට ගරු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    විපක්ෂයේ සිටින ඕනෑම අයෙකුට තර්කයන් ගෙන ආ හැකි බවත් ඒ සඳහා ආණ්ඩුව බාධා නොකරන බවද අමාත්‍යවරයා කීය.


    දහනව වන සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කල කොමිෂන් සභා පිළිබඳව ගැටලුවක් පවතින බවත් තිදෙනෙකු සිටින මැතිවරණ කොමිෂන් සභාවේ තිදෙනෙකු ඝනපූර්ණය බවවත් එය ලොව කිසිදු රටක නොමැති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි දෝෂ සහිත තත්වයන් වෙනස් කිරීමට පළමුවරට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya