අද(08) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නව රජය ජනතාවට බර පටවන්නේ නැතිව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර දීමේ මාර්ගයක ගමන් කරන බවත්, ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සංවර්ධිත ගමනක රජය ගමන් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය රජය සමයේ 14% සහ 15% වැනි අධික පොළී අනුපාත යටතේ සහ 22% සහ 23% වැනි ලීසින් පොළී අනුපාත යටතේ ණය අරගත් ජනතාව එම ණය පොළී ගෙවා ගත නොහැකිව මහත් අපහසුතාවයට පත්ව සිටින බවත් එහෙත් පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇති මොහොතක පවා රජය 9% සහ 10% දක්වා ණය පොළී අනුපාත අඩු කළ බවද අමාත්‍යවරයා කීය.
2015 සහ 2019 දක්වා තරුණයන් දස දහසකටවත් රැකියා ලබා දීමට නොහැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා නව රජය බලයට පත් වූ විගස උපාධිධාරින් 50,000ට ඇතුළු රැකියා 150,000 ලබා දීමට කටයුතු කළ බවද පෙන්වා දුන්නේය.