මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගතය නිසා ඇති වූ ආර්ථික පසුබෑම නවතා ආර්ථිකය නංවාලීමට නම් එළඹෙන 2021 වසරේ සීඝ්‍ර ආර්ථිකයක් කරා අප ගමන් කළ යුතුයි- අමාත්‍ය වාසුදේව නානායක්කාර

    සැප්තැම්බර් 08, 2020

    2020 වසරේ කොවිඩ් වසංගතය නිසා ඇති වූ ආර්ථික පසුබෑම නවතා ආර්ථිකය නංවාලීමට නම් එළඹෙන 2021 වසරේ සීඝ්‍ර ආර්ථිකයක් කරා අප ගමන් කළ යුතු බවත් දේශීයව අපට අවශ්‍ය දේ නිපදවා ගැනීම තුළින් එම ආර්ථික වර්ධන වේගය ලඟා කර ගත හැකි බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    අද (08) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    උක් සහ කිරි නිෂ්පාදන වැඩි කර එම කර්මාන්තශාලා දියුණු කළහොත් පිටරටට යන ඩොලර් ප්‍රමාණය අඩුකර හැකි බවත් තිරිඟු පිටි ආනයන කිරීම ගතහොත් විශාල ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකැයි අමාත්‍යවරයා කීය.

    මහ බැංකු මංකොල්ලය විශාල අපරාධයක් බවත් මහ බැංකුවේ මෙම වාර්තාවට අමතරව මහ බැංකුවේ අලාභය පිළිබඳව පූර්ණ වාර්තාවක්ද මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද පැවසූ අමාත්‍යවරයා මහබැංකු මංකොල්ලය නිසා විදේශ රටවලින් ණය ගැනීමේදී රජයට වූ අලාභය සළකා බැලුවහොත් එය අපට අය කර ගත නොහැකි ප්‍රමාණයේ පාඩුවක් බවත් මෙම අලාභය වෙනුවෙන් මෙම අපරාධකාරයින්ගේ ගිණුම් රාජසන්තක කළ යුතු බව ද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya