මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි වසර 05 තුළදී ජනතාවගේ සුභ සාධනයට විශේෂ ඉඩක් ලබා දෙන පුළුල් පරාසයක් ආවරණය කළ හැකි ශක්තිමත් ආර්ථිකයක්

    සැප්තැම්බර් 08, 2020

    ඉදිරි වසර 05 තුළදී ජනතාවගේ සුභ සාධනයට විශේෂ ඉඩක් ලබා දෙන පුළුල් පරාසයක් ආවරණය කළ හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

    අද (08) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සෞභාග්‍යයේ දැක්ම යටතේ සුභසාධනයට විශේෂ ඉඩකඩක් ලබා දී ඇති බවත්, අප වගේ රටක් කොවිඩ් වසංගතය වැනි අනතුරුදායී අවස්ථාවක සිටින විට ශක්තිමත් සුභසාධන වැඩපිළිවෙළක් නොතිබුණහොත් විශාල ජනකොටසක් අවතැන්විමට ඉඩ තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.


    රාජ්‍ය අංශය යනු පහසුකම් සපයන ,පෞද්ගලික අංශයත් සමග එකිනෙකට ගමන් කරන අංශයක් බවත් රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන, රාජ්‍ය සම්පත් රැක ගන්නා සහ රාජ්‍ය අංශය ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ශක්තිමත් දේශපාලන දැක්මක් වත්මන් රජය සතු වන බවද ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya