කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයේ දී උදය ගුණරත්න මහතා තමන් හමු වී සිය නව නිපැයුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඒ මහතා මෙසේ උපදෙස් දෙනු ලැබීය.
එසේම මොරටුව D Creation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද අද කර්මාන්ත දිනයේ දී සිදු විය. ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට 'Made in Sri Lanka' වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.
අද දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.