මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    යාපනය අර්ධද්වීපයේ පාසල් සිසුන් සඳහා නාවික හමුදාව මගින් තවත් මුහුදු සංචාරයක්

    සැප්තැම්බර් 09, 2020

    යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව සැප්තැම්බර් 06 වන දින කටයුතු  කෙරිණි.

    නාවික හමුදාව සතු තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය සඳහා භාවිතා කරනු ලබන ඒ 543 යාත්‍රාව මගින් මෙම සිසු සිසුවියන් මුහුදු සංචාරය සඳහා රැගෙන යන ලද අතර, මෙම අවස්ථාව සඳහා එම  සිසු දරුවන්ගේ ගුරුභවතුන් මෙන්ම දෙමාපියන් පිරිසක්ද සහභාගී වූහ. මෙහිදී එම සිසු සිසුවියන් හට උතුරු මුහුදේ සාගරික ජෛව පද්ධතිය පිළිබඳව මෙන්ම නීති විරෝධී, වාර්ථා නොවන සහ  අවිධිමත් ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසරයට වන විනාශය සම්බන්ධයෙන්ද දැනුවත් කිරීම සිදු කෙරිණි.

    තවද, මීට පෙරද නාවික හමුදාව විසින් මෙවැනිම මුහුදු සංචාරයක් යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු වෙත පසු ගිය අගෝස්තු මාසයේදී ලබා  දීමට කටයුතු කල අතර, මෙම මුහුදු සංචාරය ද නාවික හමුදාව සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් සංවිධානය කරන ලදි. සිසු සිසුවියන් හට ඉතා නැවුම් අත්දැකීමක් ගෙන දුන් මෙම  මුහුදු සංචාරය මගින් ශ්‍රී ලංකාවට අයත් කළාපයේ සාගර සම්පත් සහ එම සම්පත් සුරක්‍ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමටද එම හැකියාවක් ලැබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya