මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ජා ඇල මත්ස්‍ය නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතුයි - අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

    සැප්තැම්බර් 09, 2020

    ශ්‍රී ලංකාවේ පළමු මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරය ලෙස ජා ඇල පිහිටුවන ලද ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස් පුද්ගලික සමාගම නැමති ආයතනය විසින් දැනට දිනකට නිෂ්පාදනය කරන මත්ස්‍ය ආහාර ප්‍රමාණය කිලෝ 1500 දක්වා වැඩි කිරීම පිළිබද සාකච්ඡාවක් 07 වන දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විනි.

    ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස් පුද්ගලික සමාගම හා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත (නාරා) ආයතනය ඒකාබද්ධව පසුගිය වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ආයතනය ලංකාවේ පළමු මත්ස්‍ය ආහාර නිෂ්පාදනය සිදුකරන ආයතනය වේ.

    මෙහි දැනට මත්ස්‍ය ආහාර නිෂ්පාදනය සිදුකරනමුත් එහි පවතින යන්ත්‍රවල දුර්වලකම් හේතුකොට ගෙන උපරිම ධාරිතාවයකින් එම ආහාර නිෂ්පාදනය සිදුකිරීමට නොහැකි වී ඇත. මෙම යන්ත්‍රාගාරය පිහිටුවීමේදී විශේෂයෙන් ගෙන්වන ලද යන්ත්‍ර සුත්‍ර වර්ථමාන ලෝකයේ තිබෙන තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර නොවන බැවින් මෙම අඩුපාඩුව සිදු වී ඇත. වර්ථමානයේ (නාරා) ආයතනයේ ඉංජිනේරුවරුන් හා මෙම ආයතනයේ ඉංජිනේරුවරුන් එක්ව එම යන්ත්‍ර නවීකරණයට විශාල උත්සහායක් දරා ඇතත් ඒවායින් දැනට නිෂ්පාදනය කළ හැක්කේ දිනකට සීමිත මත්ස්‍ය ආහාර ප්‍රමාණයක් බැවින් ඒ සදහා සුදුසු නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් ගෙන්වා දෙන ලෙස එම ආයතනයේ හිමිකරුවන් විසින් අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.

    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව මෙරට නිෂ්පාදනය කළ හැකි සියළුම ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව මෙරටට අවශ්‍ය මුළු මාළු ආහාර ප්‍රමාණය මෙරට නිෂ්පාදනය කිරීම රජයේ ඇරමුණු යැයිද පැවසූ අමාත්‍යවරයා මේ සදහා සුදුසු පියවර ගැනීම සදහා තමා මෙම මස 14 වන දින පෙරවරු 10.00ට එම ස්ථානයට පැමිණ තීරණයක් ගන්නා බවද ප්‍රකාශ කරන ලදි. නාරා ආයතනයේ ඉංජිනේරුවරුන් විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ නව යන්ත්‍රයක් ගෙන්වීමට වඩා තිබෙන යන්ත්‍රයට දැනට විශාල වියදමක් දරා ඇති බැවිනුත් එය වැඩි දියුණු කර නිෂ්පාදනය වර්ධනය කිරීමට උත්සහ ගත යුතු බවත්ය.

    කෙසේ වෙතත් මේ පිලිබදව අමාත්‍යතුමාගේ නිරීක්ෂණයෙන් පසු අවශ්‍ය පියවරයන් ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි.
    මෙම අවස්ථාව සදහා නාරා ආයතනයේ සභාපති ආචාර්ය නවරත්නරාජ, ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන්, ජයන්ත කුරේ, ධීවර අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, නාරා ආයතනයේ ඉංජිනේරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya