ඒ මහතා මේ බව කියා සිටියේ,අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහල් වත්තේ වගා කළ අඹ වගාවේ අග්‍ර ඵලය බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට සහභාගී වෙමින්ය.අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහල් භූමියේ 2018 වර්ෂයේ රෝපණය කළ අඹ වගාවේ අස්වනු නෙලීමෙන් අනතුරුව බුදු රජානන් වහන්සේට හා පුල්ලෙයාර දෙවියන්ට පූජා කිරීම සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.මල්, පහන්, සුවඳ දුම් හා අඹ වගාවේ අග්‍රඵලය ලෙස නෙලාගත් අඹ ඇතුළු පළතුරු ආදිය බුදු රජානන්ට පූජා කිරීමෙන් අනතුරුව ආරාධිතයන් ඇතුළු පිරිස පංචශීලයේ පිහිටුවනු ලැබීය.
අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරුණු අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,
අද පාසල් වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත් වෙලා තියෙනවා, ඒ නිසා ඉදිරි කාළය තුළ අපි සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පාසල් වල තියෙන වහල භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.පාසල් වල පමණක් නොවෙයි රජයේ පොදු ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යංශය ගොඩනැගිලි, මේ සියල්ලගේම පුලුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් 80% ක් විදුලිය නිෂ්පාදනය කිරීම තමයි අපේ ඉලක්කය හා බලාපොරොත්තුව වෙලා තියෙන්‌නේ.සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය රජයේ ගොඩනැගිලි වලට පමණක් නෙමෙයි සීමා කරන්‌නේ, මේ වන විටත් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා නිවාස වල වහලය මත, හැබැයි ඒ සඳහා හැකියාව තියෙන්නේ යමක් කමක් තියෙන පවුල් වලට විතරයි.අපි ඉදිරියේදී දුප්පත්,පෝසත් භේදයකින් තොරව සියලු නිවෙස් වල වහළය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරනවා.
අද මේ රට වෙනස් වෙමින් යනවා,වෙනස් වෙන්නේ හොඳ පැත්තට කියලත් පේන්න තියෙනවා.ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා, රටක් හොඳ පැත්තට යන කොට පක්ෂ-පාට, කුළ-මල භේදයකින් තොරව හොඳ දේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් අපි අධිෂ්ඨාන කර ගත්තොත් මේ වසර 05 තුළ අපිට පුළුවන්කම ලැබෙයි මේ රට වෙනස් කරන්න අලුත් කරන්න යැයි පැවසීය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහින්දසෝම, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.