මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    උතුරු, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කෙරේ

    සැප්තැම්බර් 09, 2020

    උතුරු, දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කෙරේ

    උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

    උතුරු නාවික විධානය මගින් කෝවිලන්, මාවැලිතුරෙයි, වෙත්තලකේනි ,කන්කසන්තුරය වරාය සහ අරාලි ධීවර වරාය ආශ්‍රිත වෙරළ තීරයන් ද දකුණු නාවික විධානය මගින් ගාල්ල දඩැල්ල සහ  තංගල්ල පල්ලික්කුඩාව වෙරළ තීරයන් ද පිරිසිදු කර වෙරළ තීරයෙහි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය රැසක් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

    තවද, නාවික දියත් විධානය විසින් සැන්ඩි බේ වෙරළේ සිට අලියා තුඩුව වෙරළ දක්වා පා ගමනක් සංවිධානය කර තිබූ අතර, එහිදී නාවික තඨාකංගනයේ නීල හරිත පරිසර කළාපය  පවත්වාගැනීමට සහයක් වෙමින්, පා ගමන අතරතුර කොරල් කොව් වෙරළ තීරය සහ ග්‍රීන් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කෙරිණි.

    පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් පැවැත්වූ මෙම වැඩසටහන් සඳහා උතුරු, දකුණු සහ නාවික දියත් විධානයට අයත්  නාවික පුද්ගලයින් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya