මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    දේශීය රබර් වගා කරුවන්ට ස්ථාවර මිලක්,වෙළදපොළක් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කීරීමට ඇති හැකියාව සොයාබැලේ

    සැප්තැම්බර් 09, 2020

    දේශීය රබර් වගා කරුවන්ට ස්ථාවර මිලක් ලබාගැනීම සහ වෙළදපොළ ස්ථායි කිරීම, සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කීරීමට ඇති හැකියාව පිළිබඳව, වැවිලි ක්ෂේත්‍රයේ අනෙකුත් වගාවන් සහ සංචාරක ව්‍යාපාරය ඉදිරියේ දී නගාසිටුවීම පිළිබදවත් ඇතුළුව සාකච්ඡා කිරීම් සඳහා විශේෂ හමුවීම් කිහිපයක් වැවිලි අමාත්‍යාංශ පරිශ්‍රයේ දී වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින දෙක තුළ පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්, (Mr.Gopal Baglay) මැලේසියානු මහ කොමසාරිස් (Mr.Tan Yang Thai), මියන්මාර් තානාපති (Mr.Han Thu), ඉන්දුනීසියානු තානාපති (Mr.Guse Ngurah Ardiyas), නෙදර්ලන්ත තානාපතිනිය ( Mrs. Tanja Gonggrijp), වියට්නාම් තානාපතිනී(Ms. Pham Thi Bich Ngoc), බංග්ලාදේශ වැඩබලන මහ කොමසාරිස් (Mr. Mohammad Hazrat Ali Khan), තායිලන්ත තානාපතිනිය(Mrs. Chulamaee Chartsuwan)යන මහත්මමහත්මීන් හමුවී සාකච්ඡා කෙරුණි.

    එහිදී රබර් වගාව හා රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව දේශීය වශයෙන් එම කර්මාන්ත කරුවන්ට සහ වැවිලි කරුවන් සඳහා වැඩි ආදායමක් ගෙනෙන වැඩපිළිවෙලවල් සහ දේශීය රබර් වගාව නැවතත් ඉහළ ආදායම් මාර්ග ගෙන දෙන තත්ත්වයට නගා සිටුවීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී එම මහත්ම මහත්මීන් සමග වැඩිදුරටත් සාකච්ඡා විය.

    මේ අවස්ථාවට වැවිලි අමාත්‍යාංශයේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ වැවිලි අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya