අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(9) පාර්ලිමේන්තුවේ දී නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය සහ සුරාබදු ආඥා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමිනි.
මහින්ද රාජපක්ෂ යුගයේදී යුද්ධය නිම වීමත් සමග රජයේ ආදායම අඩු වූ බවත් එසේ වුවද උතුරු නැගෙනහිර නව ව්‍යාපාර නගා සිට වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ආදායම අඩු වුවද වියදම් නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේය.
එහෙත් පසුගිය යහපාලන රජය සමයේ දිගින් දිගටම ආර්ථිකය පසුබෑමට ලක් වූ බවත් කොවිඩ් වසංගතය සහ පාස්කු ප්‍රහාරය නිසා එය තවත් අයහපත් තත්වයට හැරුණු බවද කීය. නිදහසින් පසු දිගින් දිගටම ආර්ථික වර්ධන වේගය කඩා වැටුණු කිසිදු වර්ෂයක් නොපැවති බවත් එසේ වූ එකම ආණ්ඩුව යහපාලන රජය පමණක් බවද අමාත්‍යවරයා කීය.
යහපාලන රජය සමයේ මෙරට ඒක පුද්ගල ආදායම වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 33%කින් පමණක් බවත් ඒ මහතා කීය.
මරණාසන්නව සිටි ජනතාවට හුස්ම ගැනීමට වත්මන් රජය අවස්ථාව දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු බදු සහන පැකේජයක් සහ ණය සහණ පැකේජයක් ලබා දුන් අතර 8%,9% වැනි තනි ඉලක්කමේ අගය දක්වා ණය පොළී අනුපාත අඩු කළ බවත් පෙන්වා දුන්නේය. ඒ ඔස්සේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරන නව දිශානතියකට රට ගමන් කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ රටේ කර්මාන්ත සහ ව්‍යාපාර නගා සිටුවීමට මෙම සහණ ලබා දුන් බවත් ඉදිරියේදී අප හමුවේ ඇති අභියෝග මීට වඩා විශාල බවත් අමාත්‍යවරයා කීය.
දේශපාලන භේදයකින් තොරව උපාධිධාරින් 60,000ක් රාජ්‍ය සේවයට එක් කිරීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වල අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් තවත් ලක්ෂයක් පමණ පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙවැනි විශාල පිරිසක් රාජ්‍ය සේවයට අනුගත කර ගැනීමේ අසීරු කාර්යයේ රජය යෙදී ඇති බවද කීය.