දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහල නංවන විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථාවලදී අවශ්‍ය බලධාරීන්, විශේෂඥයින් සමගද සාකච්ජා කෙරේ.රෝහල් බලධාරීන්, අදාල තාක්ෂණික කාර්‍ය මණ්ඩල ,ආහාර නිරීක්ෂිකාවන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් , පෝෂණවේදීන් ඇතුලත්ව විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම පුහුණුව සඳහා දිවයිනේ දක්ෂ සූපවේදීන්ද සහභාගී කර ගනු ඇත.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘතියේ සියලු කරුණු මහජන අදහස් අනුව සැලසුම් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙයි.
මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත්වන අදහස් හා යෝජනා ඔක්තෝබර් 30 වනදා මධ්‍යහන 12 ට පෙර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කෙරේ.සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් මෙම යෝජනා හෝ අදහස් යොමුකල හැකිය. අදහස් හා යෝජනා යොමු කරන සියලුදෙනා තෝරාගත් දිනයකදී විශේෂ සාකච්ජාවක් සඳහා කැඳවීමටද ව්‍යාපෘති කාර්යාලය බලාපොරොත්තු වෙයි.