අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග සංවර්ධන ගැටළු පිළිබදව අදාළ ආයතන සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(08) පැවති සාකච්ජාවකදීය.
පසුගිය අවුරුදු ගණනාවක් පුරා සිදුවුයේ මාර්ග පද්ධතිය ඉදි කිරීම අවසන් වෙලා ටික කාලයකින් ජල සම්පාදන මණ්ඩලය හෝ විදුලි බල මණ්ඩලය ඔවුනගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මාර්ගය හැරීම හෝ කැපීම සිදු කිරීමයි. එම කටයුතු නිසා මාර්ග පද්ධතියට විශාල හානියක් සිදුවුනා වගේම මහජන බදු මුදල් නිරපරාදේ නාස්ති වුනා. මෙම තත්ත්වය පිළිබද හොදින් සොයා බලා ජලනල එලීම මෙන්ම භුගත විදුලි රැහැන් එලිම පිළිබදව අදාළ ආයතන සමග නිසි සම්බන්ධීකරණයක් ඇතිව මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව නිමල් ලාන්සා මහතා පැවසීය.
ජනතා බදු මුදල් මත රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී මුදල් නාස්තියකින් තොරව සංවර්ධන ප්‍රතිලාභ උපරිම අයුරින් ජනතාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, වත්තල මාබෝල නගර සභා නියෝජිතයින්, වත්තල ප්‍රාදේශීය සභා නියෝජිතයින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.