රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(9) පාර්ලිමේන්තුවේ දී නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය සහ සුරාබදු ආඥා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට
එක්වෙමිනි.
විපක්ෂයට මේ ආණ්ඩුව ගෝලීය අර්බුදය තුළ ආර්ථිකය කළමනාකරණය කිරීම දකින්න බැරි ඇයි. මේ රටේ ආර්ථික ස්ථාවරත්වය නැවත නිර්මාණය කිරීමේ වාතාවරණය සකස් කර තිබෙනවා. නිතර නිතර බදු ප්‍රතිපත්ති වෙනස්කිරීමට ඉදිරියේ දී කටයුතු කරන්නේ නෑ. ආයෝජකයන්ට මේ රටට එන්න පුළුවන් විශ්වාස කළ හැකි බදු ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා. රටට ගැලපෙන බදු ප්‍රතිපත්ති සකස් කර ආයෝජන රටට ගෙන යන්න. රට ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන යෑම ගැන විපක්ෂයට ඊර්ෂිවක් තිබෙනවා. අද විපක්ෂයට කත කරන්න දෙයක් නෑ.
අපි අධිකරණ තීන්දුවලට ගරු කරල නීති පද්ධතිය අනුව කටයුතු කරනවා. මේ රටේ ජනතාව සාධරණත්වය බලාපොරොත්තු වුණා. පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන, අයට කියන්න ඕන, මේ වනවිට පාස්කු ප්‍රහාරයේ නිවැරැදි තොරතුරු හෙළි වෙමින් පවතින්නේ කියලා. පාස්කු ප්‍රහාරකයින්ට රැකවල් දීපු අය අද පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණයේ මොනවද වෙන්නේ කියලා ප්‍රශ්න කිරීම පුදුම සහගතයි.
ස්වාධීන පරීක්ෂණ කරද්දි ඒ ගැන ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණක්. පාස්කු ප්‍රහාරකයන්ට රැකවරණය දුන්නා. එදා ආණ්ඩුව වැටෙයි කියලා බය වුණා.එදා කරන්න ඕන දේවල් නොකර ඉදලා, පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු තුන්සියයකගේ ජීවිත අහිමි වනවිට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද?. ඒ ගැන කතාකරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ආර්ථිකය කඩා වැටුණා. ඒකේ වන්දිය අද ජනතාවට ගෙවන්න සිදු වෙලා. රාජපක්ෂවරු හිරේ දාන්න අරලිය ගහ මන්දිරයේ සිට තීන්දු ගත්තා. බදු සංශෝධන ආර්ථික වැඩපිළිවෙල රටේ ජනතාවගේ අනුමැතිය අනුවයි සිදුවන්නේ. 2021 සිට සෞභාග්‍යමත් රටක් කරා රැගෙන යන වැඩපිළිවෙල අප ක්‍රියාත්මක කරනවා.