මෙහි ප්‍රධාන අරමුණ වුයේ දැනට කොටුව දුම්රිය ස්ථානයෙන් මගීන් වෙත සැලසෙන සුව පහසුව සොයා බැලීම සහ වර්තමානයට ගැලපෙන ලෙස මගී අවශ්‍යතා හදුනාගෙන ඒවාට පිළියම් සෙවිමයි.මෙහිදි අමාත්‍යවරන් දෙපල විසින් දුම්රිය ස්ථාන සහ ඉන් පිටත, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල වත්මන් තත්වය පිළිබදව සෙයා බැලූහ.
මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා , කොටුව දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ප්‍රධානම හා වඩාත්ම ජනාකීර්ණ දුම්රිය ස්ථානයක් වන නිසා එහි පහසුකම් ලබන මගී ජනතාවගේ හා විදේශීක සංචාරකයින් හට ආකර්ශනීය සහ සුව පහසුව සපිරි ගමන් ආරම්භයක් හා ගමනාන්තයක් සැලසෙන පරිදි සංවර්ධනය කිරිමට අවශ්‍ය කෙරෙන ක්‍රියාමාර්ග සොයා බැලිම සදහා මෙම සංචාරයේ නිරත වු බවයි.
වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් කරන ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සැපිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා දුම්රිය ස්ථාන තුලදීම සපුරා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් වෙළද අමාත්‍යාංශය හා එකාබද්ධව කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලා කටයුතු කිරිමට අදහස් කරන බව පැවසිය.
කොටුව දුම්රිය ස්ථානයට අමතරව ශ්‍රි ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථානවල මේ පහසුකම් ඇතිකිරිමටත්, කැළණිවැලි දුම්රිය මාර්ගයේ අමතර දුම්රියක් යොදා මගී ජනතාවට සුව පහසු සේවාවක් සැලසීමටද ලගඳීම කටයුතු කරන බවත් මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට තම රජය බැදි සිටින බවද පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වු වෙළද අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් කියා සිටියේ , රාජ්‍ය දේපල හා රාජ්‍ය සම්පත් වඩාත් ඵලදායි ලෙස යොදා ගන්නේ කෙසේද යන්න පිළිබදව සොයා බලා ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට තම රජය කටයුතු කරන බවය.
‘‘දුම්රිය දෙපාර්තමේන්තුව සතුව විශාල දේපල හා වත්කම් ප්‍රමාණයක් තිබෙනවා. ඒවායින් ජනතාවට සේවාවක් සැපයීමටත් දුම්රියට ආදායමක් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් අපි සකස් කරන්නයි සුදානම.ඓතිහාසික කොටුව දුම්රිය ස්ථානයට ස්ථානය ඉදිරිපිට තිබු අනවසර ඉදි කිරිම් ඉවත්කර රාජ්‍ය ආයතනවල ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ සැපයීම සදහා වෙළදසැලක් ඉදි කිරිමයි අරමුණ. එක “රජවාසල“ කියලා නම් කරන්නයි අදහස් කරන්නේ.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා, දුම්රිය ගමනා ගමන අධිකාරි ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්ත මහතා, කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ජී.එස්. වික්‍රමතිලක ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.