''අතිගරු ජනාධිපතිතුමන් ''සෞභාග්‍යයේ දැක්මෙන්'' රට ගොඩ නගනවිට , එතුමන්ගේ බලාපොරොත්තුව තමයි අපේ අමාත්‍යංශය තුළින් දැනට පවතින ජනතාවගේ ඉඩම් ගැටළු කඩිනමින්ම විසදීම වගේම තරුණ ව්‍යවසායකයින් ලක්ෂයකට ඉඩම් කැබලි ලක්ෂයක් කඩිනමින් ලබාදීම. මම බලාපොරොත්තු වෙනවා ගෞරවාන්විත රාජ්‍ය සේවයේ ඔබ සැමගේ සහයෝගයෙන් එම වගකීම කඩිනමින් , අකුරටම ඉටුකිරීමට '' යැයි ද ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ, (08) උදෑසන එම අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති ප්‍රගති සමාලෝචන විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී ජනාධිපතිතුමන් වගකීමක් ලෙස බලාපොරොත්තු වන ජනතාවගේ ඉඩම් ගැටළු කඩිනමින් නිරාකරණය කිරීමත්, නව ව්‍යවසායකයින් ලක්ෂයකට ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන කඩිනමින් කිරීම පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කළ අතර පසුගිය සතියේදී රාජ්‍ය අමාත්‍යවරයා, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි ඉඩම් අංශයේ නිළධාරින් හමුවී අවබෝධ කොට ගත් ප්‍රාදේශීය ඉඩම් ගැටළු පිළිබඳවත් සමස්ත සාකච්ඡාවට එක්කරමින් ඒ සදහාද විශේෂ සාකච්ඡා වටයක්ද පැවත්වූයේය.
මෙහිදී ඉදිරි කාල රාමුවක් වෙනුවෙන් '' මධ්‍ය කාලීන සැලැස්ම'' සැකසීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෝය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා ,ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යංශය යටතේ වන සියළු ආයතනවල නිළධාරි මහත්ම,මහත්මීන්ද එක්ව සිටියහ.