දේශීය වෛද්‍ය අමාත්‍යංශය අප රටේ පැවති ගැටලු රාශියක් නිරාකරණය කිරීමට මුලපිරූ බව සිසිර ජයකොඩි අමාත්‍යවරයා එහිදී සදහන් කළේය. එමෙන්ම ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව හෝමියෝපති වෛද්‍ය උපාධිය හදාරණ ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශඅියක් පසුගිය කාල පරිච්ඡේදයේ වෛද්‍යවරු වශයෙන් ලියාපදිංචි නොවී තිබුණු අතර වසර දෙක තුනක කාලයක් තුළ ඔවුන් සියලු වෘත්තීය අධ්‍යාපනික සුදුසුකම් සියල්ල සපුරා සායනික පුහුණුව අවසන් කර තිබියදී ඔවුන් වෛද්‍යවරුන් වශයෙන් ලියාපදිංචි කිරීමේ අවස්ථාව අහිමි වී තිබුණු බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
එම නිසා ඒ සම්බන්ධයෙන් එම ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමාපියන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හට මේ පිළිබදව කරුණු ඉදිරිපත් කර තිබුණු බැවින් ඔවුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය පළමු අත්‍යවශ්‍ය අංගය වන හෝමියෝපති වෛද්‍යසභාව පිහිටුවීම අද දින සිදුකළ බවද අමාත්‍යවරයා පැවසුවේය.
ඒ සමගම ඔවුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමේ කටයුතු අරඹන බවත්, එම කර්තව්‍ය සදහා අද දින ඔවුන් සියලුදෙනා එකට එක්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.