ඉදිරියේ මේ සම්බන්ධයෙන් උපදෙස් සහිත චක්‍රලේඛයක් ද නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවේ,අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දීය.
රාජ්‍ය ආයතන වලින් සිය සේවාවන් ඉටුකරවා ගැනීමට මහජනතාවට පහසු වන පරිදි බදාදා දිනය “මහජන දිනය” වශයෙන් දැනට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති නමුත්, සදුදා දිනය “මහජන දිනය” වශයෙන් නම් කරනු ලැබුවහොත් මහජනතාවට වඩාත් පහසු වන බවට නියෝජනයන් ඉදිරිපත් වී ඇත.
ඒ අනූව, මින් ඉදිරියට සදුදා දිනය “මහජන දිනය” වශයෙන් ප්‍රකාශයට පත්කිරීමටත්, සියලුම රාජ්‍ය ආයතන වල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටුකිරීම පිණිස එම දිනයේදී සිය කාර්යාලයේ අනිවාර්යයෙන් රැදී සිටිය යුතු බවටත්, අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළහ.