අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරිණි.
2021 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400ක් මුද්‍රණය කළ යුතුව තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පෙළපොත් වර්ග 106කින් පිටපත් 13,890,000 ක ප්‍රමාණයක් රුපියල් මිලියන 1,093.71ක මුදලකට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් සහ තවත් පෙළපොත් වර්ග 294කින් පිටපත් 25,541,500ක ප්‍රමාණයක් රුපියල් මිලියන 2,059.01ක මුදලකට විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.