වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනා හයක් අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර මෙම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය සමයේ ක්‍රියාත්මක නිවාස වැඩපිළිවෙළ ඉතා අසාර්ථක බවත් අනුරාධපුරය වැනි දිස්ත්‍රික්ක වල අද එම නිවාස වල් බිහි වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව නිවාස වැඩපිළිවෙළ යටතේ සෑම ග්‍රාමසේවා වසකටම නිවසක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් සඳහන් කළේය.
බදු සහන ලබා දීම, නොමිලේ පොහොර ලබා දීම සහ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට රැකියා ලබා දීම වැනි වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක වන බවත් විශ්‍රාම වැටුපක් හෝ ලබා ගත නොහැකි,දිළිඳ පවුල් ලක්ෂයක තරුණ තරුණියන්ට මෙම රැකියා ලක්ෂය ලබා දෙන බවත් අමාත්‍යවරයා කීය.
අනවශ්‍ය ලෙස පිටරටින් සහල් ආනයනය නොකර වී කිලෝවක් රුපියල් 50ක සහතික මිළට ගන්න රජය තීරණය කළ බවත් එම ක්‍රමවේදය ගොවිජනතාවට විශාල ශක්තියක් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ රටේ වගා කළ හැකි කිසිවක් පිටරටින් ආනයනය කරන්නේ නැති ප්‍රතිපත්තියක වත්මන් රජය සිටින බවත් තවත් අතිරේක භෝග වර්ග 15කට සහතික මිළක් ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා අද බඩ ඉරිඟු කිලෝවක් රුපියල් 90කට අළෙවිකරගත හැකි බව පෙන්වා දුන්නේය.