රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි හේතුවෙන් ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්‍රයෝගික විසඳුමක් සෙවීමටත් කටයුතු කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (10) කියා සිටියේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී, රාත්‍රී කාලයේ භාවිතයට නොගන්නා ඩේටා වලට අදාළ සේවා ආයතන වෙත ජනතාව වැඩිපුර මුදලක් ගෙවීම සම්බන්ධයෙන් විධිමත් විසදුමක් තිබේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
දහවල් කාලයේ අන්තර්ජාලයේ පවතින තදබදය අවම කර ගැනීම සදහා පාරිභෝගිකයා පෙළඹ වීමට මෙලෙස රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ ලබා දෙන ඩේටා ප්‍රමාණයේ
වෙනසක් කර ඇති බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වුව ද බොහෝ දෙනෙකු භාවිතයට නොගන්නා රාත්‍රී ඩේටා වලට ගෙවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විසදුමක් ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.