මාර්ග සංවර්ධන අධිකාරියට අයත් "A˜ සහ " B " ශ්‍රේණියේ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අලූතින් ඉදිකරන ලද නව මාර්ග හා පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය කල මාර්ග වල ජලසම්පාදන මණ්ඩලය මගින් භූගත ජලනල එලීම්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා පෞද්ගලික දුරකතන සමාගම් විසින් භූගත දුරකථන රැහැන් එලීම් වැනි කටයුතු සිදු කිරීම සදහා මාර්ග හානි කිරීමෙන් අනතුරුව හානිවන මාර්ග නිශ්ච්ත ප්‍රමිතියකට අනුව නැවත සකස් නොකරන බවට මහජනතාවගෙන් විශාල පැමිණිලි සංඛාවක් විශයභාර අමාත්‍යවරයා වශයෙන් තමන්හට ලැබී ඇති බවත් නියමිත ප්‍රමිතියට නැවත සකස් නොකිරීම හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්වන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
මාර්ගයක් සේවා අවශ්‍යතාවය මත කඩා දැමීමට ප්‍රථම මාර්ග සංවර්ධන අධිකාරියෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර නැවත එම මාර්ග යථා තත්වයට පත්කිරීමේදි මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ නියමිත ප්‍රමිතියට එම කටයුත්ත සිදුකල යුතු බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩත්තු හා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂිකා මංගලා
මාරසිංහ මහත්මියට උපදෙස් ලබාදෙන ලදී. බොහෝ අවස්ථාවලදී මෙම මාර්ග කඩාබිඳ දමන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිසි අවසරයකින් තොරව බව අමාත්‍යවරයා පැවසීය.
ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලිබල මණ්ඩලය, පෞද්ගලික දුරකථන සමාගම්වල නිලධාරින් සහ එම ආයතනයන් අයත් විශයභාර අමාත්‍යවරුන් සමග ඉදිරියේදී සාකච්ඡා කර සේවා අවශ්‍යතාමත මෙසේ හානිකරනු ලබන මාර්ග නැවත නියමිත ප්‍රමිතියට අනුව පිළිසකර කිරීමේදී ඒ සදහා වැයවන මුදල් එම ආයතන වලින් නැවත අයකර ගැනීමට අවශ්‍ය නීති හා මාර්ග යථාතත්වයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කටයුතු ඉදිරියේදී සම්පාදනය කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩත්තු හා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂිකාවට දැනුම් දෙන ලදී.