එන ඕනෑම රාජ්‍ය පාලන අභියෝගයක් ජයගෙන සමාජ ආර්ථික දියුණුව ඇති කරමින් රාජ්‍යයක් ලෙස මේ රට බලගැන්වීමේ අභියෝගය වත්මන් රජය භාරගෙන ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද (10)පාර්ලිමේන්තුවේදී වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනා හයක් විවාදයට ගත් අතර එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සාර්ථක අන්දමින් කොරෝනා වෛරසය මර්ධනය කිරිම සම්බන්ධ වීඩියෝ පටයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොව පුරා ප්‍රචාරය කරන බව පැවසූ අමාත්‍යවරයා, අඩුම මරණ අනුපාතිකය මේ රටේ පවත්වා ගත හැකි වූයේ එම දූරදර්ශී රාජ්‍ය පාලනය නිසා බව ද පෙන්වා දුන්නේය.
දේශීය ව්‍යවසායකයන්ට බැංකු ණය ගෙවා ගත නොහැකි තත්වයට පත් වන තුරු පසුගිය ආණ්ඩුව රට පාලනය කළ බවත් අද එන ඕනෑම අභියෝගයක් භාරගෙන රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.