සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය
විදෙස්ගතවසිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්ව ගැනීම පිළිබන්දව ඉහළම ප්‍රමුඛතව දි කටයුතු කළ යුතු බවත් මව් බිමට ගෙන්ව ගැනීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකිර් මාර්කර් මහතා සභාව කල්තන අවස්ථාවේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය. මන්ත්‍රීවරයා වසර 16කට පසු පාර්ලිමේන්තුව අමතන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයයි.
යෝජනාව ස්ථීර කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා;
රජය ඉත දක්ෂ ලෙස කොරෝනා මර්දනය කළා. මේ රටට පැමිණීමට නොහැකිව රටවල රැදී සිටිනවා. ඔවුන් මෙරටට රැගෙන ඒමේ වගකීම රජයට තිබෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය
රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා -
තවත් 46දහසක් මෙරටට එන්න කැමැත්ත පළ කර තිබෙනව. ඉන් ඇතැම් අය සේවා ස්ථාන වෙත ගොස් සේවය කරන්න කැමැත්ත පල කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙනවා. 9472ක් ශ්‍රමිකයන් ගෙන්වා තිබෙනවා. නිරන්තර පහසුකම් සඳහා නිරන්තර අවධානයෙන් පසු වෙනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා;
මේ රටේ ශ්‍රමිකයින්ගෙන් මාර්තු සිට 9472ක් ඇතුළුව 31880ක් මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා. තවත් 55838ක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඉන්නවා.
ශ්‍රී ලාංකිකයන් මේ රටට ආස් යානා වලින් දවසකින් ගෙන්වන්න පුළුවන්ද? කොරෝනා පලානය විද්‍යාත්මකව සිදු කළා. ඔක්කොම හරියට නිරෝධායනය නොකර රටට දාන්න පුළුවන්ද? මේ පිළිබඳව ගැඹුරින් විද්‍යාත්මකව කල්පනා කරන්න ඕන. 8260ක් නිරෝධායනය පහසුකම් තිබෙනවා. ඉතාම පරිස්සමින් හරි හැටි නිරෝධයන්ය කරන්න ඕන. අද යුද හමුදාපතිතුමාගේ නායකත්වයෙන් රණවිරුවන් බාරගෙන තිබෙනවා.
කොවිඩ් පරීක්ෂණ කිරීමේ ධරිතාවයේ සීමාවක් තිබෙනවා. ඒ ප්‍රමාණය අපට ගෙන්වන්න පුළුවන් වෙන්නේ. මේ කාරණා පිළිබන්දව සැළකිල්ල ගෙනයි කටයුතු කරන්නේ.අපිට ඕන විදියට ගුවන් තොටුපලවලින් සෙන්ඟ ගෙන්න බෑ.
එකපාරම කට්ටිය ගෙනාවොත් ලංකාවේ අයට තර්ජනයක් ඇතිවෙනවා. අපි කරන්නට පුළුවන් ඉහළම මට්ටමින් කටයුතු කරනවා. ඉතුරු අය ගෙන්ව ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යනව. අවශ්‍ය සුබසධන කටයුතු කර තිබෙනවා. රජයක් ලෙස කළ හැකි උපරිම සේවාව කර තිබෙනවා. මේ රටේ කොවිඩ් වසංගතය පැතිරීම නොවෙන්නයි මුල්තැන දී තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.