මෙය කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන තත්වයන් සැලකිල්ලට ගනිමින් එම රජය විසින් ගනු ලැබූ තාවකාලික පියවරකි.
සවුදි අරාබි රජය විසින් ගන්නා ලද මෙම තීරණය මඟින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සැලකිය යුතු සහනයක් ලැබේ. මෙම තීරණය දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රතිඵලයක් වන අතර, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සවුදි බලධාරීන් සමඟ පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරී සබඳතාවන් අවධාරණය කරයි.
කොවිඩ්-19 ගෝලීය වසංගත සමය තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වූ සුභසාධන ක්‍රියාමාර්ගවලට පහසුකම් සැපයීමට ඔවුන්ගේ සහාය ලබා දීම පිළිබඳව සවුදි අරාබි රජයට අපගේ කෘතඥතාව පළ කිරීමට ශ්‍රී ලංකා රජය මෙම අවස්ථාව යොදා ගනී.