ඇමතිවරයා මේ බව සඳහන් කළේ, සළුසල ආයතනය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එසේම,දේශීය නිමි ඇඳුම් ප්‍රදර්ශනය කර රටේ ප්‍රදර්ශනාත්මක වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සළුසල ආයතනය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බව ද ඇමති දයාසිරි ජයසේකර මහතා කීය.
සළුසල ආයතනය විනාශය පිළිබඳව කණගාටුව පළ කල ඇමතිවරයා,සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ මෙම ආයතනය වසා දමා ,ඈවර කර ඉන් සේවකයන්ට වැටුප් ගෙවා ලාභ නොලබන ආයතනයක් සේ සලකා විකුණා දැමිම බවයි.එසේ වුව ද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය අනුව දේශීය නිෂ්පාදන වැඩිදියුණු කර රටේ විශාල වශයෙන් ඇති ඇඟලුම් නිෂ්පාදන හා නිල ඇඳුම් නිෂ්පාදන,හමුදාවේ හා ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් අවශ්‍යතාවයන්, රෝහල් වල ඇඳුම්වල අවශ්‍යතාවයන්,ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු නිමි ඇඳුම් නිෂ්පාදනය කිරිම සළුසල හරහා බලාපොරොත්තු වන බව කීය.
එසේම ලෝකයේ අනෙක් රටවල සළුසල නමින් නව මධ්‍යස්ථාන ගණනාවක් ස්ථාපිත කිරිමටත්,මෙම ආයතනය සතු විශාල දේපළ නැවත විගණනය කොට අපේ ජාතික සම්පත් සුරකිමින් ඉදිරියට යාමටත්,මෙම ආයතනය නැවත ගොඩනැගිමට ද බලාපොරොත්තු වන බවයි.
එසේම ,මේ දිනවල බතික් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී ඇති හෙයින්,සළුසල මැදිහත් වී ඊට අවශ්‍ය ඩයි වර්ග,නුල් වර්ග, යනාදි බතික් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය අමුද්‍රව්‍යය රාජ්‍ය ආයතනයක් මගින් බෙදා හැරීමේ මුලස්ථානයක් බවට පත් කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම ත්‍රිවිධ හමුදාව,පොලිසිය,සිවිල් ආරක්ෂක බලකායට අවශ්‍ය නිමි ඇඳුම් හා රෙදි පිළි වර්ග සම්බන්ධයෙන් එහි නිලධාරින් හා දේශිය නිෂ්පාදකයින් ද ඇමතිවරයා හමුවී සාකච්ඡාවක් ද සිදුවිණි.