එහිදී මැති ඇමැතිවරුන් රැසක් තොන්ඩමාන් මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
සිය මුත්තණුවන් වන සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් දේශපාලනයට පිවිසි සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමන් මහතා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ 1994 අගෝස්තු මාසයේදීයි. පසුගියදා අභාවප්‍රාප්ත වන විට ඔහුගේ පාර්ලිමේන්තු දිවියට වසර 24ක් ගත වී තිබුණි. 2020 මායි 31දින පූර්ණ රාජ්‍ය ගෞරව සහිතාව නුවරඑළියේදී එතුමාගේ අවසන් කටයුතු සිදු කෙරුණි
වතු කම්කරුවන්ගේ ආර්ථික හා සමාජීය සුභසිද්ධිය පිණිස කටයුතු කළ තොණ්ඩමන් මහතා දෙමළ සහ වතු කම්කරුවන්ගේ ජනාදරයට පාත්‍ර වූ දේශපාලක්ඥයෙකි.