එමෙන්ම, ඒ පිලිබඳ මූලික නිරීක්ෂණ කටයුතු ද සිදු කෙරිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදලින් ක්‍රියාත්මක සංවර්ධන කාර්යයන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව නිත්‍යානුකුල ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීමටත්, අනාගත ඉලක්ක, කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් සැළසුම් කොට ක්‍රියාවේ යෙදවීම මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය ආරක්ෂාව, යටිතල පහසුකම් හා අධ්‍යාපනික/මාර්ගෝපදේශ කටයුතු විධිමත් කොට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකුල ලෙස ක්‍රියාත්මක කිරීමටත් මෙහි දී සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාවට රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සහභාගිත්වයෙන් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරක් මහාචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතීන් හි සේවයේ නියුතු කළමනාකරුවන් සහ කාර්යය මණ්ඩලය ද මේ සඳහා සහභාගී වූහ.