එමෙන්ම, වතු සමාගම් වල ප්‍රයෝජනයට නොගන්නා වල් බිහි වූ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ගම් සහ වතු වල රැකී රක්ෂා නොමැති තරුණයින් විශාල පිරිසක් සිටින බවත් එහි දී සඳහන් කළ අමාත්‍යවරයා එකී ඉඩම් රැකියා විරහිත පිරිසට තේ වගාව සඳහා බෙදා දිය යුතු බවත්, එමඟින් තේ නිෂ්පාදනය විශාල ප්‍රතිශයතයකින් ඉහළ යනු ඇතැයි ද, එමඟින් ජාතික අදායම ඉහළ නංවා ගැනීමටත්, මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනයටත් එමඟින් හැකි බවත් ප්‍රකාශ කරන ලදුව මේ සම්බන්ධව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ද මෙකි යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද සදහන් කර සිටියේය.
එපමණක් නොව නිළධාරීන් ද තම තමන්ගේ වැඩ කිරීමේ කලාව වෙනස් කර ගත යුතු වනවා පමණක් නොව රජයේ රැකියාම ඉල්ලන මානසිකත්වයෙන් ඉවත් වී අතට මුදල් ලැබෙන කෘෂි හෝ කර්මාන්ත ව්‍යවසායකයෙක් වීමට අපේ රටේ තරුණ පරපුරේ ආකල්ප වෙනස් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
2019 වසරේ ඌව විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානය 98 Acres සභාපති ප්‍රමෝද් රංග අබේරත්න මහතා හට නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පිරිනැමිණු අතර මෙහි දී ක්ෂේත්‍ර රැසක නියුතු ව්‍යවසායකයින් 48 කට ද ව්‍යවසාය සම්මාන පිරිනැමිණි.
මෙම අවස්ථාවට ඌව වාණිජ මණ්ඩලයේ සභාපති නිමල් දාබරේ ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.